1933.20.19 දින බළපිටිය ප්‍රදේශයට රේවත විද්‍යාලය ආරම්භ කිරීමෙහි පෙරටුගාමීයා වනුයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිකරණ අමාත්‍ය, අධි නීතීඥ ශ්‍රීමත් ලලිත අභය රාජපක්ෂ මැතිතුමන්ය. දකුණේ වෙරළබඩ බළපිටිය නම් වූ ග්‍රාමයෙහි උපත ලැබූ ලලිත රාජපක්ෂ ශ්‍රීමතානන් කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයත් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් ද්වීතියක අධ්‍යාපනයත් ලබූයේය. ඉන්පසුව ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය හමාර කරනු ලැබූයේ 1924 දී නීති උපාධිධාරියෙකු ලෙසිනි. 1925 වසරේ දී සිය විදග්ධ නුවණ ලෝකයාටම විදහාදක්වමින් ශ්‍රීමත් යන නාමයෙන් පිදුම් ලැබූ ලාභාලතම දක්ෂතම පුද්ගලයා බවට පත්විය.
ලලිත රාජපක්ෂ ශ්‍රීමතානන් සිය දේශපාලන දිවියට පෙරමං තනනුයේ එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් වශයෙනි. ශ්‍රී ලාකාවේ පළමු සෙනේට් සභාවට පත් කරන ලද පළමු ආණ්ඩුකාරවරයා සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිකරණ අමාත්‍ය රාජපක්ෂ ශ්‍රීමතානන් වූ අතර 1953 දක්වා එම ධූරයෙහි සේවය කලේය. එසේම 1967 වසරේදී එක්සත් රාජධානිය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් බවට පත්විය. සිය රටටත් මහඟු සේවයක් ඉටුකළ සහ උපන් ගමටත් වටිනා මාණික්‍යයක් වූ බළපිටිය රේවත විද්‍යාලය දායාද කළ ලලිත රාජපක්ෂ ශ්‍රීමතානන් 76 වසරක විශිෂ්ට සේවයෙන් පසුව 1976 මැයි 25 වන දින අවසන් සුසුම් හෙලීය.
85 වසරක පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රේවත මාතාව 1933.02.19 වන දින ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිකරණ අමාත්‍ය, අධි නීතීඥ ශ්‍රීමත් ලලිත අභය රාජපක්ෂ මැතිතුමන් පුරෝගාමීත්වයෙන් ආරම්භ කෙරිණ. ආරම්භයේ දී සිසුන් 13 දෙනෙකුගෙන් යුක්ක වු රේවත විද්‍යාලයේ වර්තමානයේ ශිෂ්‍යයන් 1506 දෙනෙක් සහ ශිෂ්‍යාවන් 1402 දෙනෙක් අධ්‍යාපනය හදාරනු ලබයි. 1998 වසරේ දී ජාතික පාසලක් බවට පත් වූ අතර වර්තමානයේ 1AB ජාතික පාසලක් වේ. මිශ්‍ර පාසලක් වන මෙහි පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් සිදුකරනු ලබයි. උසස් පෙළ කළා / වානිජ / ගණිත / ජීව විද්‍යා යන අංශ 04න්ම ඉගැන්වීම් සිදුකෙරේ. 85 වසරක ප්රගතියකින් යුත් රේවත මාතාව වර්තමානය දක්වා කළා අංශයෙන් ශිෂ්‍යයන් 28, වානිජ අංශයෙන් ශිෂ්‍යයන් 39, ගණිත-විද්‍යා අංශයෙන් ශිෂ්‍යයන් 17 දෙනෙකු විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා යොමු කිරීමට සමත් වී ඇත. විද්‍යාලය වර්තමානයේ 108 ක කාර්යශූර ආචාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.
රේවත විද්‍යාලය ක්‍රීඩා සහ විෂය සමගාමී කටයුතු වලින් ද ඉතිහාසය පුරාවටම සමස්ත ලංකා මට්ටමේ ජයග්රයණ හිමිකරගනිමින් විදුහල් නාමය ඉහළ නංවා ඇත. 1987 දී බළපිටිය රේවත විද්‍යාලය සහ බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය අතර ඇරඹි විරුවන්ගේ සටන අද වන විට විද්‍යාලීය දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යය විදහාපාන ප්‍රධාන අංගයක් වී ඇත. අතීතයේ සහ වර්තමානයේ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ සිසුන්ගේ අසමසම ප්රයත්නය හේතුවෙන් දකුණු පළාත තුළ ප්‍රමුඛතම ජාතික පාසලක් ලෙස සිසුනට අධ්‍යාපනය ලබාදෙමින් සිටී.